ඒ පාර මොකෝ?

ඇයි?

නෑ ඉතින්, එහෙන් මෙහෙන් මල් හිනා කෑලි දාද්දි මම කල්පනා කලේ මොකක් හරි මඟුලක් තමයි කියලා

ආහ්, විශේෂ දෙයක් නෑ.

එයාගේ ඇස් දෙක නේ?

මොන හු.

ඇයි ඉතින් පුදුම වෙලා? මම උඹ ගැන දන්නවා. මං කියන්නේ මං කොහොමත් දැනගන්න එපැයි.

ඔව් ඔව්, එයාගේ ඇස් තමයි.

ඉතින් දැන් උඹ ඒවායේ මොනාද දකින්නේ?

ඒක හෙන අමුතුයි.

අමුතුයි කිව්වේ?

නෑ ඒක නිකන් අර අපි කියන ඇස් වල අතරමං උනා කියන හැඟීමක් නෙවෙයි. මම ආස ඒ ඇස් වල පේන්න තියෙන බියගන්වනසුළු බව නෙවෙයි.

මොකක්?

Intimidating බං. මං දන්නේ නෑ සිංහලෙන් ඒක කොහොමද ගලපන්නේ කියලා මේකට. ඒ බැල්ම හරියට මගේ සම්පූර්ණ ආත්මයම විනිවිද දකිනවා වගේ හැඟීමක් මට එන්නේ. මං මේ සමාජෙට පෙන්නගෙන ඉන්න බොරු චරිතේ ඒ ඇස් වලින් නිරුවත් කරනවා වගේ දැනෙන්නේ. ඒක හරියට මං කාටවත් නොකියන රහස් ඔක්කොම දැනගන්න ඔන්න මෙන්න ඉන්නවා වගේ දෙයක්. හොඳම කතාව කියන්නේ, මං කැමති ඒ රහස් එහෙම දැනගන්නවනම්, එයා එහෙම කරනවනම්. මං ඇත්තටම ඒ ගැන බයවෙන්න ඕන උනත් මට ඒකේ අනිත් පැත්ත තමයි මේ වෙලාවේ හිතෙන්නේ.

එච්චරද? මම ආදරෙන් බැඳීලා ඉන්නේ වගේ කතාවක් නැද්ද?

නෑ, ආදරේ කියන්නේ වෙන දෙයක්. මේ ඒක නෙවෙයි.